A Sad story but this is true in SL

ඒලෙවල් වලින්  පස්සෙ මොකද කරන්නේ? ඔයා ඒලෙවල් ලියලා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයාට මේ ප්‍රශ්නය තදින් දැනිලා ඇති. ඒ වගේම ගොඩක් අය ඔයාගෙන් අහනවත් ඇති. ඔයා තමන් යන්න ඕන මෙතනටයි කියල තාමත් තීරණය කරලා නැත්නම් තාමත් දෙගිඩියාවෙන් ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ඔයාටම වෙන් වුන එකක්. ඒ විතරක් නෙමෙයි තමන්ගෙම කියල අනාගත හීනයක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක් වුනත් තමන්ට ඒ හීනය ඇත්තටම හැබෑ කරගන්න ඕන නම් ඔයත් මේ ලිපිය කියවන්නම ඕන.හොදයි මෙතනින් පස්සේ කෙනෙකුගේ ජීවිතය තීරණය කරන තීරණාත්මක කරුණු බොහොමයක් හෙලි කරන්න අපි සූදානම්.

It is your time to think…….

වර්තමානය වෙනකොට අපේ රටේ තරුණ පරම්පරාව නවීන තාක්ෂණය ගැන දක්වන්නේ බොහොම ලැදියාවක්.ඒ  නිසාම නවීන තාක්ෂණය සමඟ මුසු වුන රැකියා බොහොමයක් මේ

වෙනකොටත් ලංකාවෙ ඇති වෙලා වගේම ඇති වෙමින් පවතිනවා. උදාහරණයක් විදියට මෘදුකාංග ඉංජිනේරු(Software engineer), රොබෝ තාක්ෂණය සමග බැදුනු ඉංජිනේරු රැකියා, අභ්‍යවකාශය ආශ්‍රිත රැකියා දක්වන්නට පුලුවන්. අතීතයේ නම් සාම්ප්‍රදායික රැකියාවකින් සෑහිමකට පත් වෙන්නට තරුණ පරම්පරාව කැමති වුනත් වර්තමානයේ තරුණ තරුණියන් බොහෝ වෙලාවකට කැමැත්තක් දක්වන්නේ නවීන තාක්ෂණය සමඟ මුසු වුන රැකියාවක නිරත වන්නටයි.ඒකට හේතුව වෙන්නේ සාම්ප්‍රදායික රැකියාවක නිරත වෙනවාට වඩා ඉහල වැටුපක්, ඉහල ජීවන තත්වයක් මෙවැනි රැකියාවක් තුලින් ලබා ගන්න කෙනෙකුට පුලුවන් වීමයි.

ඉතින් මේ රැකියාවක නිරත වෙන්නට ඔයාටත් ඕන නම්, ඔයා මොකද්ද කරන්න ඕන? ඔයාගේ මතකයට එයි උපාධියක් කරන්න ඕන කියන එක.ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ දෙමාපියන්ට ඔයාගේ යාලුවන්ටත් ඒ වගේ හීනයක් හැබෑ කරගන්න තියෙන එකම මාර්ගය උපාධියක් කරන එක කියල හිතෙන්න පුලුවන්. නමුත් තරුණියක් තරුණයෙක් විදියට ඔයා ප්‍රායෝගික වෙන්න ඕන මෙතනදීයි. ඔයාට පුලුවන් ටිකක් හොයල බලන්න.

උසස් පෙළින් පස්සේ මේ වගේ සිහිනයක් තියෙන කෙනෙක් උපාධියක් හැදෑරුවට පස්සෙ ඇත්තටම ඒ හීනයට ළඟා වුනාද?

සමස්ථයක් විදියට ලංකාවේ රජයේ වගේම පුද්ගලික ආයතන වල මේ නවීන තාක්ෂණය සමඟ බැඳුණු උපාධි පාඨමාලා වල ව්සර හතරකට වඩා නිරත වුන සිසුන් ඇත්තටම තමන්ගේ සිහිනය ළඟා කරගෙනද?

වසර 70ක් පමණ එකම රාමුවක කොටුවෙලා ඉන්න අපි වගේ මිනිසුන්ට ඒ වගේ කාරණයක් තාර්කිකමය වශයෙන් සිතන්න බැරි වීම පුදුමයට කරුණක් නෙමෙයි.

ලක්ෂ ගණනින් අය කරන මෘදුකාංග ඉංජීනේරු, ජාල ඉංජිනේරු වැනි පාඨමාලාවක අවසානයේ තමන්ගේ සිහිනයට ලගා වෙන්නේ සීයට විස්සකටත් වඩා අඩු පිරිසක් බව ඔබ දැනුවත්ද?

ඔබට පුලුවන් මේවා ගැන තාර්කිකව සහ ගැඹුරින් සොයා බලන්න.රටේ පිළිගත් විශාල මුදලක් අය කරන විශ්වවිද්‍යාලයක වසර හතරක් ගත කරන සහ අවසානයේ රැකියා විරහිතව රැකියා සොයමින් හෝ ඉතා සුලු වැටුපකින් සෑහිමකට පත් වන තරුණ තරුණියන් ඔනෑතරම් වර්තමානයේ සොයා ගන්නට පුලුවන්.

තමන්ගේ කාලය ශ්‍රමය මුදල් සියල්ල නාස්ති කරමින් අවසානයේ කිසිදු දැනුමක් දක්ශතාවයක් නොමැති තරුණයෙක් තරුණියක් බවට පත් වීම තුලින් සිදු වන්නේ ඔබගේ අනාගතය අඳුරු වීම පමණයි.

මෙම ලිපිය හරහා අප ඔබට ගෙන එන්නට උත්සාහ කරන්නේ මෙම පණිවිඩයයි. වර්තමානය වන විට අපගේ සමාජයේ ජීවත්වන තරුණයන් සහ තරුණියන් බොහෝ බුද්මධිත්. ඔවුන්ට නව තාක්ෂණය සමඟ මුසු වීමට සහ එවැනි රැකියා වල නිරත වීමට ඇත්තේ විශාල කැමැත්තක්. නමුත් එසේ යන ගමනේදී ඔබ තෝරාගන්නා උපාධිය හෝ එයට ගතවන පිරිවැය හෝ ඔබ ඇතුල් වන විශ්වවිද්‍යාලය මත ඔබගේ අනාගතය තීරණය වන්නේ නෑ.

ඔබ අධ්‍යාපනය ලබන කාලය තුල ඉගෙන ගන්නා ශීල්පීය දැනුම තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික දැනුම මත පමණයි ඔබගේ අනාගතය තීරණය වන්නේ.ඔබට පුලුවන් අප පවසන පමණින් විශ්වාස නොකර ඇත්ත ඇති සැටියෙන් තාර්කිකව සොයා බලන්නට. උපාධි පාඨමාලා හදාරන සිසුන් දහස්ගනණක් සිටියත් වර්තමානයේ රැකියා අවස්ථා සම්පූර්ණ කිරීමට තරම් වත් ශිල්පීය දැනුමින් සමන්විත පිරිසක් නොමැති බව ඔබ දැනගත යුතුම කාරණයක්.

ඉතින් මේ ලිපිය ඔබ කියවා අවසන් නම් ඔබට මේ සත්‍යය වැටහෙනවා නම් ඔබට පුලුවන් අප සමඟ දිගටම රැඳී සිටින්න. ඔබට ඉතා හොඳ අනාගතයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය මංපෙත විවර කිරීමට අපි සූදානමින් ඉන්නවා.ඔබගේ අනාගතය තීරණය කරන තීරණාත්මක ලිපියක් සමඟ නැවතත් ඔබ හමු වන තුරු ඔබ සැමට සුබ දවසක්.

3 thoughts on “A Sad story but this is true in SL

  1. O/L witharak pass kala kenekta mekata joine wenna puluwanda.mama O/l walatanam IT kala.c ekak thiyei.arthika apahasutha nisa.a/l kale na.danata cargills food city ekaka assistant manager widiyata sewaya karanawa.computer basic knowledge eka thiyei.plez reply to me 076 5625220

    1. ඔබට මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරීමේ හැකියාවක් සහ මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමේ හැකියාව ඇත. ඔබ කළ යුත්තේ IJSE ආයතනයේ පාඨමාලාවක් කළමනා කළමනාකරුව මුණගැසෙන්න.
      0711 202 202

  2. IT certificate course(national youth service council) B passed ekk thiyanawa.A/l 2passed commerce stream.mathath puluwanda join wenna.plz reply to me

Comments are closed.

Back To Top