ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සඳහා නවතම තාක්ෂණික උපාංග.

වර්තමාන ලෝකයේ ජීවත් වෙන අපිට තොරතුරු තාක්ෂණය කියන්නේ ජීවීතයට බොහොම සමීප දෙයක්. ලෝකය ක්‍රමයෙන් දියුණු වෙනකොට තොරතුරු තාක්ෂණය අපේ ජීවීතයට තවත් සමීප වෙන්නට පටන් ගෙන තිබෙනවා. ඒවගේම බොහෝ දෙනෙක් විශ්වාස කරන කාරණයක් තමයි අපේ ලෝකයේ දියුණුවට තොරතුරු තාක්ෂණය ඉතා විශාල පිටිවහලක් කියන කාරණය. ක්ෂේත්‍රය කුමක් වුනත් සමස්තයක් විදියට මේ වෙනකොට හැම අංශයකම තොරතුරු තාක්ෂණය භාවිතා වීම එයට හොඳ නිදසුනක්.

රටක ත්‍රිවිධ හමුදාව කියන්නේ ඒ රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අයත් වෙන අපිට කිසිසේත්ම බැහැර කරන්න බැරි ඉතා සුවිශාල මෙහෙයක් සිදු කරන අංශ තුනක්. යුධ, ගුවන් හා නාවික වශයෙන් බෙදී ඔවුන් සිදු කරන්නේ විශාල භාරදූර්ය මෙහෙවරක්. මේ හේතුව නිසාම ලොව පුරා රටවල්  වල රජයන් ඒ ඒ අංශ වල තොරතුරු තාක්ෂණ යෙදවුම් වැඩිදියුණු කිරීමටත් නව සොයා ගැනීම් වලට ඉඩකඩ ලබා දීමටත් කටයුතු කරමින් සිටිනවා.ඒ අතරින් ලෝකයේ හොදම ආරක්ෂක අංශ වලින් එකක් ලෙස සලකන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ලෝකයේ දියුණුම තාක්ෂණ යෙදවුම් සහ උපාංග මේ වන විටත් භාවිතා කරමින් සිටිනවා.

Army Research Analysis Projection & Development Branch විසින් වර්තමානය වන විට නව තාක්ෂණික සහ තාක්ෂණික නොවන නිපැයුම් සහ සොයාගැනීම් රාශියක් සිදු කර තිබෙනවා. එතුලින් පරිපාලනමය, කාර්‍යක්ෂම සහ තාක්ෂණික වශයෙන් දියුණුවක් ලබා ගැනීමට ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

Artillery Fire Control System – ‘ශ්‍රී මානා’, Hand-held Ballistic Calculator, Multiple Integrated Advanced Weapon Simulator System, T-56 Small Arms Firing Simulator සහ Under Vehicle Scanning System with Anywhere Searcher මේ අතරින් කිහිපයක් පමණයි.

මේ වන විට Trainee Associate Software Engineer කෙනෙකු වශයෙන් Neo Minds (Pvt) Ltd http://www.neominds.lk ආයතනයේ සේවය කරන සඳුන් මධුශාන් Institute of Java & Software Engineering (IJSE) http://www.ijse.lk ආයතනයේ GDSE පාඨමාලාවේ 49 වන කණ්ඩායමේ ඉගෙනුම ලබන සිසුවෙක්. අපි ඉහත සදහන් කල නව නිපැයුම් අතරින් එකක් නිෂ්පාදනයට ඉතා විශාල දායකත්වයක් ලබාදීමට තරම් ඔහු වාසනාවන්ත වී තිබෙනවා. ඔහු මෑතකදි Neo Minds (Pvt) Ltd ආයතනයේ මගපෙන්වීම යටතේ Hand-held Ballistic Calculator නිර්මාණය කිරීමට විශාල දායකත්වයක් ලබාදීමට සමත් වී තිබෙනවා. මේ සදහා වර්තමානයේ භාවිතා වන නව්‍ය තාක්ශණික ක්‍රම රාශියක් භාවිතා කර තිබෙනවා. IoT යනු එම තාක්ශණ ක්‍රම අතරින් එකක් පමණයි.

Disclaimer: We do not own these photos, extracted from the above link

Ballistic Motor ඉලක්ක කර ගැනීමටත්, සුළඟේ දිශාව, වේගය සහ විය හැකි සියලු විචල්‍යයන් නිවැරදිව සලකා බැලීමටත් මෙම පද්ධතියට හැකියාව තිබෙනවා.

සදුන් වසර 21 ක් වයසැති ගම්බද ප්‍රදේශයක හැදී වැඩුණු තරුණයෙක් වන අතරම ඔහු සතු නව තාක්ශනයන් කෙරෙහි ඇති උනන්දුව සහ උවමනාව මෙන්ම දක්ෂතාවය නිසාම මෙවැනි තරුණ වයසකදීම මෙවැනි වටිනා නිර්මාණ සිදු කිරීමට සමත් වී තිබෙනවා.ඔහුගේ මෙම සාර්ථකත්වය පිටුපස Neo Minds (Pvt) Ltd ආයතනය මෙන්ම IJSE ආයතනයද සිටින බව නොරහසක්. සඳුන් වැනි නව තාක්ෂණයන් පිලිබද උනන්දුවෙන් පසුවන බොහෝ පිරිසකට අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික හැකියාව  ලබා දෙමින් IJSE ආයතනය සිසුන් දහස් ගණනකගේ සාර්ථකත්වයට විශාල මෙහෙයක් ඉටු කරමින් සිටිනවා.IJSE ආයතනය වසර 13ක පමණ කාලයක සිට සිසුන්ට අධ්‍යාපනය ලබා දීමෙන් පසු අවශ්‍ය Industrial Training වෙත සිසුන් යොමු කර ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත නිර්මාණය කරමින් සිටින බවට සඳුන් තවත් එක් නිදසුනකි.

2 thoughts on “ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සඳහා නවතම තාක්ෂණික උපාංග.

Comments are closed.

Back To Top